වෙඩි තැබීමේ සිද්ධිය ගැන වපර ඇසින් බැලීම කණගාටුවට කරුණක් බව සයිටම් විධායක අධ්‍යක්ෂ රුසියාවේදී කියයි

තමන් රුසියාව බලා පිටත්ව ගියේ පොලිසිය නිසි ලෙස දැනුවත් කිරිමෙන් අනතුරුව බව සයිටම් වෛද්‍ය විද්‍යාලයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය සමීර සේනාරත්න මහතා පවසනවා.
මෙලෙස තමන් රුසියාවට පැමිණියේ මීට පෙර යොදාගෙන තිබු වැඩසටහනකට සහභාගි වීමේ අරමුණින් බවයි ඒ මහතා ප්‍රකාශ කලේ.
කෙසේ වෙතත් තම වාහනයට මාලඹේ ප්‍රදේශයේදී වෙඩි තැබීම සම්බන්ධයෙන් කණගාටු විය යුතුව තිබියදී ඇතැමුන් එම සිද්ධිය පිළිබඳ වපර ඇසින් බැලීමට පෙළඹීම කණගාටුවට කරුණක් බවද වෛද්‍ය සමීර සේනාරත්න මහතා පෙන්වා දෙනවා.
අදාළ වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව තමන් රුසියාවට පැනගිය බවට විරුද්ධවාදීන් සිදුකරන ප්‍රචාර ප්‍රතික්ෂේප කරන සේනාරත්න මහතා රුසියාවට පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපල දක්වා පැමිණීමේදී තමන්ට පොලිස් ආරක්ෂාව ලබාදුන් බවද ප්‍රකාශ කළා.
තව දින කිහිපයකින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් අනතුරුව ඕනෑම පොලිස් පරික්ෂණයකට මුහුණ දීමට තමන් සුදානම් බවත් සයිටම් වෛද්‍ය විද්‍යාලයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය සමීර සේනාරත්න මහතා තවදුරටත් කියාසිටියා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s