විරාත් කෝලිට තරගයේ වීරයා සම්මානය

ඉන්දීයාව සහ බංගලාදේශය අතර පැවති තරගයෙන් ජයග්‍රහණය කළ ඉන්දීය පිල ඒ සඳහා මෙහෙයවු නායක විරාත් කෝලිහට තරගයේ වීරයා සම්මානය පිරිනමා තිබෙනවා. ඉන්දියාව සහ බංගලාදේශය අතර පැවති ටෙස්ට් තරගයෙන් ලකුණු 208 ක ජයක් ලැබීමට සත්කාරක ඉන්දීය පිල අද සමත් වුණා. මෙම තරගය පැවැත්වුනේ හයිද්‍රාබාද්හි, රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන්…

ශ්‍රී ලංකා, ඕස්ටේ්‍රලියා විස්සයි 20 ලබන සිකුරාදා ආරම්භ වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ්‍රලියාව අතර තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන සිකුරාදා ආරම්භ වනවා. එහි ප්‍රථම තරගය පැවැත්වෙන්නේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. දෙවැනි තරගය පෙබරවාරි 19 වැනිදා ගීලෝන්ග් හීදි පැවැත්වෙන අතර තෙවැනි තරගය 22 වැනිදා ඇඩිලේඞ් හීදි ආරම්භ වීමට නියමිතයි.

දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන අවසන් මහා තරගයේ ජය ඉන්දීය පිළට

පන්දුවාර 20යි 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ජය ලැබීමට ඉන්දීය දෘශ්‍යාබාධිත පිල සමත්වුණා. ඒ ජයග්‍රහණය සදහා අවශ්‍ය ලකුණු 198 ක ඉලක්කය පන්දුවාර 17 යි පන්දු 4 ක් තුළ ලබාගනිමින්. ප්‍රකාශ් ජයරාමයියා ඉන්දීය පිල වෙනුවෙන් නොදැවී ලකුණු 99 ක් ලබාගනිමින් ජයග්‍රහණය සදහා පිත්තෙන් දායක වුණා. ඒ අනුව පාකිස්තානු දෘශ්‍යාබාධිත පිල පරාජය කරමින්…

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අවසන් සටන ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර එක්දින තරගාවලියේ අවසන් තරගය සෙන්චූරියන් හිදී දැන් පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබාදුන්නා. ඒ අනුව ඔවුන් මීට සුළු වේලාවකට පෙර අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 89 ක් ලබාසිටියා. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ක්වන්ටන් ඩී කොක් ලකුණු 56…

දකුණු අප්‍රිකාවට ලකුණු 40ක ජයක්

දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ පැවති සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 40ක ජයක් ලබාගැනීමට සමත් වුණා. කේප්ටවුන් හිදි පැවති මෙම තරගයේ දී කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 05 ක් දැවි ලකුණු 367 ක් ලබාගනු ලැබුවා. එය දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ජාත්‍යන්තර තරගයකදි වාර්තාකළ ඉහළම…

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා සිව්වන එක්දින ක්‍රිකට් තරගය කේප් ටවුන්හිදි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරගය කේප් ටවුන් හිදි මේ වන විට පැවැත්වෙනවා. තරග 05 කින් සමන්විත තරගාවලියේ තරග 03 ක් ජයග්‍රහණය කර දකුණු අප්‍රිකාව මේවන විට ඉදිරියෙන් පසුවනවා.. අද පැවැත්වෙන තරගයේ දී දිනේෂ් චන්දිමාල් විවේක ගන්වා ඇති අතර පසුගිය ඉනිම 12 කදීම ඔහු ලබා ඇති ලකුණුවල සාමාන්‍ය අගය 16යි…

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග අද සිට

එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා කණ්ඩායම් 10 ක් අද සිට ශ්‍රී ලංකාවේදී තරග වැදීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ තායිලන්තය ඒ කාණ්ඩයෙන් තරගවදින අතර දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය, ස්කොට්ලන්තය සහ පැපුවා නිව්ගිනියාව බී කාණ්ඩයට අයත් වනවා. අද දින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු…