කෙන්යාවේ වෛද්‍ය වර්ජකයන් 07 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

කෙන්යානු අධිකරණය විසින් එරට වෛද්‍ය සංගමයේ නිලධාරීන් 07 දෙනෙක් සිරගත කර තිබෙනවා. සති 10 ක් තිස්සේ එරට රජයේ රෝහල් තුළ ප්‍රතිකාර නොකරමින්, උද්ඝෝෂණ පැවැත්වීමට එරෙහිවයි මෙම බන්ධනාගාර ගත කිරීම සිදුකර ඇත්තේ. එරට වෛද්‍යවරුන් සඳහා 2013 වසරේ දී රජය මගින් ලබාදීමට නියමිත වු පහසුකම් නොසැපයීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් මෙම වර්ජනය ආරම්භ කර තිබුණා. අධිකරණය ඒ පිළිබඳව නියෝග…

බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සාර්ථක බවට උතුරු කොරියාවෙන් ප්‍රකාශයක්

සිය බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සාර්ථකව අවසන් වු බව උතුරු කොරියාව පවසනවා. එරට ජනාධිපති කිම් ජොන් අන්ගේ අධික්ෂණය යටතේ මෙම අත්හදා බැලීම සිදුකර තිබුණේ ඊයේ දිනයේදීයි. උතුරු කොරියානු බලධාරින් විසින් බැලැස්ටික් මිසයිලය හදුන්වා දී තිබුණේ පෘෂ්ඨයෙන් පෘෂ්ඨයට යැවිය හැකි මැදි දුර සිට දිගු දුර දක්වා වු මිසයිලයක් ලෙසයි. මෙම බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම තුලින් අමෙරිකාව…

පැරණි බෝම්බයක් ග්‍රීසිය බියවද්දයි

ග්‍රීසියේ ටෙසාලොනිකි ප්‍රදේශයෙන් පුද්ගලයන් 75,000 ක් පමණ ඉවත්කර තිබෙනවා. දෙවැනි ලෝක යුද සමයේ හෙළන ලද බෝම්බයන් නිෂ්ක්‍රීය කිරිම සදහා එම නගරයේ කිලෝමීටර් 2 ක් පමණ විශ්කම්භයකින් යුක්ත ප්‍රදේශයක වෙසෙන ජනතාව මේ ආකාරයෙන් ඉවත් කර ඇතැයි සදහන්. මෙම බෝම්බයේ බර රාත්තල් 500 ක් පමණවන බවයි විදෙස් වාර්තා සදහන් කලේ. 1940 දශකයේ මාසයක මෙම බෝම්බය ගුවන් මගින්…

චීනයේ ‘එක් රටක්’ ප්‍රතිපත්තියට ගරු කරන බව ට්‍රම්ප් කියයි

චීනයේ ‘එක රටක්’ ප්‍රතිපත්තියට ඇමෙරිකාව තවදුරටත් ගරු කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා. ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර සිදුවූ දුරකථන සංවාදයකදීයි මෙලෙස පවසා ඇත්තේ. මෙම දුරකථන සංවාදයේදී දෙරටටම වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා. දෙරටේ නායකයින් අතර සිදුවූ පළමු සංවාදයද මෙය බව සඳහන්. පසුගිය දිනවල ජනාධිපති ට්‍රම්ප් සිදුකරනු ලැබූ…

යුරෝපා රටවල් කරා සරණාගතයන් එකොළොස්දහසකට අධික පිරිසක් පැමිණෙයි

මේ වසරේ ගත වු කාලය තුළ මධ්‍යධරණී මුහුද තරණය කරමින් යුරෝපා රටවල් කරා සරණාගතයින් 11,000 කට අධික පිරිසක් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. සංක්‍රමණිකයින් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ පසුගිය වසරේ ජනවාරි මාසය තුළ එම සංඛ්‍යාව 78,808 ක් බවයි. පසුගිය වසරේ දී මධ්‍යධරණි මුහුද හරහා යුරෝපා රටවල් කරා සරණාගතයින් තුන් ලක්ෂ 63,000 කට…

සිරියාවට ක්ෂමා සංවිධානයෙන් චෝදනා

සිරියාවේ සිවිල් යුද්ධය ආරම්භ වු කාලයේ සිට මේවන තෙක් පුද්ගලයන් 13,000කට අධික පිරිසක් බන්ධනාගාර තුළදි එල්ලා මරාදමා ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසනවා. රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට මාරුකරන බව පවසමින් බොහෝ දිනවලදි මධ්‍යම රාත්‍රී කාලේ රැඳවියන්ගේ දෑස් බැඳ ඩැමස්කස් හි උතුරු ප්‍රදේශයේ සිරකඳවුරකට ගෙන යන බව වාර්තා වනවා. එසේ ගෙනයන රැඳවියන් 50 ක් පමණ එල්ල මරාදැමීම සිදුකර…

චින්නම්මාගේ දිවුරුම් දීම කල් යයි

අභාවප්‍රාප්ත ජයලලිතා ජයරාම්ගේ සමීපතම හිතවතිය වන ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මා තමිල්නාඩු මහඇමති ධුරයේ දිවුරුම් දීම ලබන 9 වැනිදා දක්වා කල් දමා තිබෙනවා. මීට පෙර එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ ඇය සිය ධුරයේ අද දිනයේදී දිවුරුම් දෙනු ඇති බවයි. ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසු තමිල්නාඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පන්නීර් සෙල්වම් මහඇමති ධුරයට පත්වුණා. කෙසේ වෙතත්…