බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සාර්ථක බවට උතුරු කොරියාවෙන් ප්‍රකාශයක්

සිය බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සාර්ථකව අවසන් වු බව උතුරු කොරියාව පවසනවා. එරට ජනාධිපති කිම් ජොන් අන්ගේ අධික්ෂණය යටතේ මෙම අත්හදා බැලීම සිදුකර තිබුණේ ඊයේ දිනයේදීයි. උතුරු කොරියානු බලධාරින් විසින් බැලැස්ටික් මිසයිලය හදුන්වා දී තිබුණේ පෘෂ්ඨයෙන් පෘෂ්ඨයට යැවිය හැකි මැදි දුර සිට දිගු දුර දක්වා වු මිසයිලයක් ලෙසයි. මෙම බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම තුලින් අමෙරිකාව…

වයඹ කදුළු සිහිනයට ජනපති අණින් තිත තැබීම හෙට

වයඹ පළාත් ජනතාවගේ දීර්ඝ කාලීන ප්‍රශ්නයක්ව පැවති ජල අර්බුදය නිමාකරමින් වයඹ පළාත් ඇළ යෝද ව්‍යාපෘතිය හෙට දිනයේ ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කුරුණෑගල වැවරවුම් පරිසර කලාපයේ ආරම්භ කෙරුණු හරිත සිහිනය – 2017 සමාරම්භක උත්සවය අමතමින් එතුමා මේ බව ප්‍රකාශ කළා. පරිසරය විනාශ කරනු ලබන මහාපරිමාණ ජාවාරම්කරුවන් හේතුවෙන් හරිත සිහිනය සැබෑකර ගැනීම සදහා…

අගමැති ඔස්ටේ්‍රලියාවට

සිව්දින නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හෙට ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව යනවා. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සදහා 70 වසරක් සපිරීම මෙම සංචාරයට එක් හේතුවක් බව සදහන්. ඔස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සමග සහ අමාත්‍යවරුන් රැසක් සමග මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යතුමා ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මෙල්බන් සහ කැන්බරා යන නගරයන්හීදි මෙම සාකච්ඡා පවත්වන බවයි අග්‍රාමාත්‍ය ලේකම්…

යහපාලන ලොක්කන් යළි රට යාම අරඹා ඇති බවට ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනාවක්

ජනතා ප්‍රශ්නවලට විසදුම් ලබාදීම වෙනුවට යහපාලන ආණ්ඩුවේ නායකයන් තරගයට රට යාම යළි ආරම්භ කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. ලක් එෆ් එම් ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන අවසන් මහා තරගයේ ජය ඉන්දීය පිළට

පන්දුවාර 20යි 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ජය ලැබීමට ඉන්දීය දෘශ්‍යාබාධිත පිල සමත්වුණා. ඒ ජයග්‍රහණය සදහා අවශ්‍ය ලකුණු 198 ක ඉලක්කය පන්දුවාර 17 යි පන්දු 4 ක් තුළ ලබාගනිමින්. ප්‍රකාශ් ජයරාමයියා ඉන්දීය පිල වෙනුවෙන් නොදැවී ලකුණු 99 ක් ලබාගනිමින් ජයග්‍රහණය සදහා පිත්තෙන් දායක වුණා. ඒ අනුව පාකිස්තානු දෘශ්‍යාබාධිත පිල පරාජය කරමින්…

පැරණි බෝම්බයක් ග්‍රීසිය බියවද්දයි

ග්‍රීසියේ ටෙසාලොනිකි ප්‍රදේශයෙන් පුද්ගලයන් 75,000 ක් පමණ ඉවත්කර තිබෙනවා. දෙවැනි ලෝක යුද සමයේ හෙළන ලද බෝම්බයන් නිෂ්ක්‍රීය කිරිම සදහා එම නගරයේ කිලෝමීටර් 2 ක් පමණ විශ්කම්භයකින් යුක්ත ප්‍රදේශයක වෙසෙන ජනතාව මේ ආකාරයෙන් ඉවත් කර ඇතැයි සදහන්. මෙම බෝම්බයේ බර රාත්තල් 500 ක් පමණවන බවයි විදෙස් වාර්තා සදහන් කලේ. 1940 දශකයේ මාසයක මෙම බෝම්බය ගුවන් මගින්…

ප්‍රවීණ මාධ්‍යවේදී ආරියදාස පීරිස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය ආරියදාස පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1951 වසරේ අප්‍රේල් මස 11 වැනිදා සහාය නිවේදකයෙකු ලෙස ඒ මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක්වුණා. සංගීත වැඩසටහන් මෙහෙයවීමෙලා කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ඒ මහතා ආධුනික පැය, පිබිදෙන ගායක පරපුර වැනි වැඩසටහන් මෙහෙයවනු ලැබුවා. මීට අමතරව ‘ඔව් නෑ බෑ – මිනිත්තුවක් පමණයි, පැන පොඩි, අම්බිගා ගීතයෙන්…