කල් ඇතිව ජනමතය උරගා බලන්න ඊශ‍්‍රායල් අගමැති සූදානම්.

ishrayel presidnt

හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ඊශ‍්‍රායල් අග‍්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර තිබෙනවා.

පාලන කාලය අවසන් වීමට මත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරී ඊශ‍්‍රායල් අග‍්‍රමාත්‍යවරයා මෙලෙස කඩිනම් ජනමත උරගා බැලීමකට සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ යහපත් ආකාරයෙන් රට පාලනය කිරීම සඳහා පැහැදිලි බලයක් ලබාදෙන ලෙසයි.

මේ අතර තම රජයේ මූල්‍ය කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ කටයුතු අමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා එම ධූර වලින් ඉවත් කිරීමටද ඊශ‍්‍රායල් අග‍්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාම එරට විපක්‍ෂයේ නියෝජිතයන් වන අතර පසුගිය කාලය තුළ ඔවුන් රජය විවේචනය කිරීම මෙම තීරණයට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Leave a comment