අයි.එස් ත‍්‍රස්තවාදින්ට එරෙහිව කැනඩා හමුදාව මෙහෙයුම් අරඹයි.

isis
ඉරාකයේ අයි.එස් ත‍්‍රස්තවාදින්ට එරෙහිව ප‍්‍රහාර දියත් කිරිම සඳහා කැනඩා හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

විදේශිය රටකදී ත‍්‍රස්තවාදින් පරාජය කිරිම සඳහා සිදු කරන ප‍්‍රථම මෙහෙයුම මෙය වන බවයි කැනඩා බලධාරින් ප‍්‍රකාශ කළේ.

ත‍්‍රස්තවාදින් සඳහා වැඩි වශයෙන් ස්නයිෆර් ප‍්‍රහාර එල්ල කිරිමට තමන් අපේක්‍ෂා කරන බව කැනඩා හමුදාව ප‍්‍රකාශ කර තිබෙනවා.

600 කට අධික භට පිරිසක් මෙම මෙහෙයුම සඳහා එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අයි.එස් ත‍්‍රස්තවාදින්ට එරෙහිව දියත් කළ ප‍්‍රථම මෙහෙයුම සාර්ථක බව ද කැනඩා බලධාරින් ප‍්‍රකාශ කළේ.

Leave a comment