කොළොම්බියාව ෆාක් කැරළි කණ්ඩායම සමග සටන් විරාමයක

සටන් විරාමයක් ප්‍රකාශට පත්කිරීමත් සමග ඊට අනුගත වන ලෙස කොලොම්බියාවේ ක්‍රියාත්මක ෆාක් කැරළි කණ්ඩායම සිය සාමාජිකයන්ට දන්වා තිබෙනවා.
කෙලොම්බියානු රජය සහ ෆාක් කැරලිකරුවන් එක්ව ප්‍රකාශයට පත්කළ සටන ්විරාමය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.
වසර 04 ක් පුරා කියුබාවේ පැවති සාම සාකච්ඡා වලින් අනතුරුව දෙපාර්ශවය මෙම එකගතාවයට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් අවසන් සාම ගිවිසුම ඉදිරි සති කිහිපය තුළ අත්සන් කිරීමට නියමිත බවයි බී බී සී ලෝක සේවය සදහන් කලේ.
කොලොම්බියානු රජය සහ ෆාක් කැරලි කරුවන් අතර මෙලෙස සටන් විරාමයක් සදහා එකගතාවයත් ඇතිවන්නේ වසර 52 කට පසුව වීමද විශේෂත්වයක්.

Leave a comment