චීන පාලකයන්ට විරෝධය පා ටිබෙට් කාන්තාවක් සිය දිවිනසා ගනී.

dead-mn
ටිබෙටයේ චීන පාලනයට විරෝධය පා කාන්තාවක් සිය දිවිනසා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ටිබෙටයේ – අබා ප‍්‍රදේශයේදී මෙම ගිනිතබා ගැනීම සිදුව ඇති බවයි.

20 හැවිරිදි කාන්තාවක් මෙලෙස සිය දිවිනසා ගෙන තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර මෙම නගරයේදීම ටිබෙට් ජාතික පිරිමියෙකුද චීන පාලනයට එරෙහිව ගිනිතබා ගෙන සිය දිවිනසා ගත්තා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2009 වසරේ සිට මේ දක්වා චීනයට විරෝධය පා පුද්ගලයින් 130 දෙනෙකු පමණ ගිනිතබා ගෙන සිය දිවිනසා ගෙන ඇති බවයි.

Leave a comment