ස්තී‍්‍ර දූෂණ වලට එරෙහිව තුර්කියේ කාන්තාවන් ලක්‍ෂ ගණනින් වීදි බසී.

rape
ස්තී‍්‍ර දූෂණ වලට එරෙහිව කාන්තාවන් ලක්‍ෂ ගණනකගේ සහභාගිත්වයෙන් යුත් විරෝධතා කිහිපයක් තුර්කියේදී පවත්වා තිබෙනවා.

20 හැවිරිදි තරුණියක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණය පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මනෝ වෛද්‍ය ශිෂ්‍යාවක් වන මෙම තරුණිය පසුගිය බදාදා දිනයේ සිය නිවසේ සිටියදී පැහැරගෙන ගොස් තිබුණා.

අනතුරුව ඇයව දූෂණය කර පුළුස්සා දමා තිබියදී සිරුර හමුවූයේ පසුගිය සිකුරාදායි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර බස් රථ රියදුරෙකු හා ඔහුගේ පියාද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Leave a comment